ඔස්ට්‍රේලියාව ආරක්ෂා කිරීම සඳහා විශිෂ්ට ලෙස විද්‍යාව යොදාගැනීම වෙනුවෙන් Òයුරේකා සම්මානය – 2023Ó දිනා ගැනීමට ශ්‍රී ලාංකික මහාචාර්ය කරු එස්සැල්ලේ මහතා සමත් වී තිබේ.
යුරේකා සම්මාන උලෙළ ඔස්ට්‍රේලියාවේ විද්‍යා ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් වෙනුවෙන් පිදෙන ඉහළම සම්මානය වන අතර, පර්යේෂණ, නවෝත්පාදන, නායකත්වය, විද්‍යා කටයුතු සහ පාසල් පද්ධතිය තුළ විද්‍යාව ඇතුළු කාණ්ඩ 18ක් යටතේ මෙම සම්මාන උලෙළේදී ඇගයීම් සිදු කෙරේ. විද්‍යා ක්ෂේත්‍රයේ ඔස්කාර් සම්මාන උලෙළ ලෙස මෙය සැලකේ.
මහාචාර්ය කරූ එස්සැල්ලේ මහතා නායකත්වය ලබා දෙන සිඩ්නි තාක්ෂණික විශ්වවිද්‍යාලයේ මෙම ජයග්‍රාහී MetaSteerers නම් පර්යේෂණ කණ්ඩායමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික පර්යේෂකයන් කිහිප දෙනෙකු අයත් වන අතර, ඔවුන් මෙම සම්මානනීය පර්යේෂණය වසර 4ක් පුරා සිදු කර ඇති බවද එම පර්යේෂණ ප්‍රතිඵල ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට ඉතා වැදගත් බැවින් ඔවුන් මෙලෙස සම්මානයට පාත්‍ර වී තිබෙන බවද වාර්තා වෙයි. මෙම පර්යේෂණ ඇසුරින් සොයා ගත් ක්‍රමය Meta steering නම් වන අතර, ඒ හේතුවෙන් ඔහු ඇතුළු පර්යේෂණ කණ්ඩායම MetaSteerers ලෙස නම් කර ඇති බව එම වාර්තා සඳහන් කරයි. මෙම නව ක්‍රමය මඟින් ඇන්ටනාවක් වෙත පැමිණෙන කිරණවල දිශානතිය වෙනස් කරන බව සඳහන් වන අතර, රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන පර්යේෂණ ප්‍රතිඵලයක් වන මෙහි හෙළි කළ හැකි තොරතුරු සීමා සහිත වී තිබේ.
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍ය උපාධිධාරියෙක් වන මහාචාර්ය කරු එස්සැල්ලේ මහතා, මේ වන විට සිඩ්නි තාක්ෂණික විශ්වවිද්‍යාලයේ විද්‍යුත් චුම්බක සහ ඇන්ටනා ඉංජිනේරු තාක්ෂණවේදය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරයි. විදුලි සංදේශ, ආරක්ෂක සහ අභ්‍යවකාශ තාක්‍ෂණයන්හි ලොව ප්‍රමුඛයෙක් ලෙස ඔහු ප්‍රසිද්ධියක් උසුලයි.
කරු එස්සැල්ලේ මහතා මේ වන විට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ සම්මාන රැසකට හිමිකම් කියන අතර, ඔස්ට්‍රේලියාවේ ඉංජිනේරුවරයෙකුට ලබා දෙන උසස්ම සම්මානය වන Professional Engineer of the year සම්මානය 2022 වසරේ දිනාගන්නේ ද එස්සැල්ලේ මහතාය. එමෙන්ම 2022 වසරේ දී Australia Space Award සම්මාන උලෙළේ දී Academic of the year සම්මානය හිමිවී ඇති අතර, එහිදී සම්මාන ලැබූ සියල්ලන්ගෙන්ම විශිෂ්ටතමයාට පිදෙන ÒBest of the winnersÓ Excellence award සම්මානය හිමිකර ගැනීමට ද ඔහු සමත් විය.
සිය වෘත්තීය දිවිය තුළ ඔහු දිනා ඇති සම්මාන ගණන 25කට අධික වන අතර, ඔහුට AWARD MAGNET යන අන්වර්ථ නාමය ලැබීමට එය හේතු වී තිබේ.
මහින්ද අලුත්ගෙදර