නීපා වයිරසයෙන් ශ්‍රී ලංකාවට මෙතෙක් තර්ජනයක් නොමැති වුවත් ඉන් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය හා නිරන්තරව සාකච්ඡා පවත්වමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මෙයට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල් හා වයිරසවේදය සම්බන්ධ විශේෂඥයින් නීපා වයිරසය රටට ඇතුළු වීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් කුමන හෝ හේතුවකින් වයිරස් රෝගීන් රට තුළින් වාර්තා වුවහොත් ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධවත් සාකච්ඡා කරමින් සිටින බව ද ඒ මහතා කීය.
මහනුවර දී ඊයේ (24) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය.
ගුවන් මඟින් වෛරස් ආසාධිත පුද්ගලයින් රටට ඇතුළුවීමේ අවදානමක් තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය.
මෙයට අමතරව වන්දනා ගමන් සඳහා විදේශගත වන පුද්ගලයින් මඟින් රෝගය රටට ඇතුළු වීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කර තිබෙන්නේ යැයි හෙතෙම අවධාරණය කළේය.
අසේල කුරුළුවංශ
276
කලින් පුවත