අඩු ආදායම්ලාභීන්, කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහා චීන රජයේ ආධාර මත ඉදිකරනු ලබන නිවාස ඒකක 1996 ට ආදළ ගිවිසුම ලබන මාසයේදී චීනයේ බීජිං නුවරදී පැවැත්වෙන “සහයෝගීතාවය සඳහා වන මාර්ග මුල පිරීම” (BRI) සමුළුව අතරතුරදී අත්සත් තැබේ.
නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ, මෙම නිවාස 1996න් නිවාස ඒකක 108ක් මෙරට කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහා වෙන්කරන බවයි.
එම නිවාස කොට්ටාව පලතුරු වත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
ඒ අනුව අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ඒකක 1888ක් වෙන් කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා චීන රජය විසින් මෙරටට යුවාන් මිලියන 552ක මූල්‍යාධාරයක් ලබාදේ. මෙහිදී මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන බදු මුදල්, ඉඩම් අත්පත් කර ගැනීමට වැයවන පිරිවැය, ඉඩම් සංවර්ධනයට වැයවන පිරිවැය නිර්මාණ කටයුතු සහ මූලික මිල ගණන් පත් සැකසීම සඳහා පිරිවැය, ටෙන්ඩර් කටයුතු සඳහා පිරිවැය සහ අපරව්‍යුහ පහසුකම් සඳහා වැයවන පිරිවැය දැරීම ශ්‍රී ලංකා රජය විසින් සිදු කරනු ලබයි. මීට අදාළ හුවමාරු ලිපියට චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා රජය පසුගිය වසරේ ජනවාරි 9 වැනිදා අත්සන් තබා තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙම ව්‍යාපෘතිය තුළින් අඩු පහසුකම් සහිත ජනාවාසවල පදිංචිකරුවන්ගේ ජනාවාස ප්‍රශ්නය සඳහා ස්ථීර විසඳුමක් ලැබෙනු ඇති බවයි.
උපාලි කරුණාරත්න