Tuesday, December 5, 2023
Home » අයිටී සහ වාහන එකලස් කරන ආයෝජකයන්ට බදු සහන – රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම

අයිටී සහ වාහන එකලස් කරන ආයෝජකයන්ට බදු සහන – රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම

by sachintha
September 25, 2023 1:34 am 0 comment

තොරතුරු තාක්ෂණ, රථ වාහන එකලස් කිරීම වැනි මහා පරිමාණ ඍජු විදේශ ආයෝජන සිදු කරන්නන් වැඩි වැඩියෙන් මෙරටට කැඳවාගැනීමට ලබන වසරේ අයවැයෙන් ඔවුන්ට විශේෂ බදු විරාම, බදු සහන සලසා දීම කෙරෙහි රජයේ දැඩි අවධානය යොමු කර ඇති අතර, ඒ අනුව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආයෝජන සිදු කරන්නන්ට වසර දෙකේ සිට පහ දක්වා කාල පරිච්ඡේදයකට බදු විරාම ලබා දීම ඇතුළු උපාය මාර්ගික ලිහිල් බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට රජය අපේක්ෂා කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

මේ වන විට ඒ සම්බන්ධයෙන් වන යෝජනා මුදල් අමාත්‍යංශය විසින් සකස් කරමින් පවතින අතර ඒවා ඍජු විදේශ ආයෝජන කැඳවාලීමට මූලිකව කටයුතු කරන අන්තර් අමාත්‍යාංශ සමග ඒකාබද්ධව සකස් කිරීම සිදු කරන බවත්, අමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 50 (රු. බිලියන 16+) ඉහළ ආයෝජනයක් සහිත ආයෝජකයන් දිරි ගැන්වීමට මේ යෝජනා ක්‍රම ඇති කරලීම සුදුසු බව රජයේ අදහස වී ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා කීය.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සහ රථවාහන එකලස් කිරීමේ කර්මාන්තයේ මහා පරිමාණ ආයෝජන පැමිණීමෙන් නව රැකියා අවස්ථා බිහි වන අතර, ඉන් ඍජුව සහ වක්‍රව රටේ ආර්ථික වර්ධනය ඉහළ යෑමට මැදිකාලීනව මෙන්ම දිගුකාලීනවද විශාල බලපෑමක් ඇති කරනු ඇතැයි දිලුම් අමුණුගම මහතා පැවසීය.
ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT