Saturday, May 10, 2025
Home » මන්නාරමේ ගින්නකින් තල් ගස් 600ක් විනාශයි

මන්නාරමේ ගින්නකින් තල් ගස් 600ක් විනාශයි

by sachintha
September 25, 2023 1:00 am 0 comment

මන්නාරමේ කීරි ප්‍රදේශයේ හටගත් ගින්නක් හේතුවෙන් තල් අක්කර දහයක් ඇතුළු තවත් අක්කර විසිපහක් පමණ ගින්නෙන් 23 දා විනාශ වී ගොස් තිබේ. ගින්න හේතුවෙන් තල් ගස් 600 ක් පමණ සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.

මන්නාරමේ හදිසි ගිනි නිවන ඒකකයක් නොමැති නිසා නාවික හමුදා නිලධාරීන් ට්‍රැක්ටර්වලින් ජලය රැගෙන විත් එම ගින්න නිවා දමා තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, මන්නාරම පොලිසිය ප්‍රකාශ කරන්නේ මහා මාර්ගයේ ගිය කවරකු විසින් හෝ කැලයට ගිනි තැබීම නිසා මෙම ගින්න පැතිරෙන්නට ඇති බවයි. මන්නාරම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT