Home » වවුලන් මරා මස් පිසමින් සිටි සැකකරුවෙක් බඩුත් සමඟ මාට්ටු

වවුලන් මරා මස් පිසමින් සිටි සැකකරුවෙක් බඩුත් සමඟ මාට්ටු

by sachintha
September 25, 2023 1:00 am 0 comment

වික්ටෝරියා ජලාශ රක්ෂිතයේ රූස්ස ගස්වල ලගින මහ වවුලන් මදු ගසා අල්ලා එම වවුලන් මස් කර පිසිමින් සිටි පුද්ගලයෙක් තෙල්දෙණිය පොලිසියේ නිලධාරීන් විසින් දිගන අඹකොටේ මහවැලි ගම්මානයේදී පසුගිය 21 වැනි දින සවස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඝාතනය කරන ලද මහ වවුලන්ගේ මස් කිලෝ එකයි ගෑම් තුන්සියයක ප්‍රමාණයක් සමඟ ඔහු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු සන්තකයේ තිබුණු මහ වවුලන්ගේ මස් පශු වෛද්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කර වර්තාවක් ලබා ගෙන එම මස් හා සැකකරු බී වර්තාවක් මඟින් තෙල්දෙණිය අධිකරණයට 22 වැනි දින තෙල්දෙණිය පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් ඉදිරිපත් කෙළේය. තෙල්දෙණිය මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු දේවිකා චතුරාංගනී ජයවර්ධන මහත්මිය වෙත ඉදිරිපත් කළ මෙම සැකකරු වරද පිළිගත් බැවින් එම සැකකරුට රුපියල් පහළොස් දහසක දඩයක් නියම කළාය.

මෙම වවුලන්ගේ මස් විනාශ කිරීමට නියම කෙරෙණි.

මෙම වවුලන්ගේ මස් කුඩා දරුවන්ගේ විවිධ රෝගවලට සුදුසු ඔසුවක් බැවින් එම මස් වැඩි මිලට අලෙවි කිරීම පිණිස දඩයම්කරුවෝ මහ වවුලන් හා කිරි වවුලන් දඩයම් කිරීම් මෙම දිනවල වැඩිවී ඇතැයි පොලිස් පරීක්ෂණවලින් සොයා ගෙන ඇත. තෙල්දෙනිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

කරල්ලියද්ද සමූහ – කේ. විජේසිරි නිශ්ශංක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT