නුවරඑළිය මාගස්තොට විජිතපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයේකුට සිය බිරිඳ විසින් තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බව නුවරඑළිය පොලිසිය පැවසීය.
මෙසේ පිහි ඇනුමෙන් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බහිරදන් චන්ද්‍රසේකරන් (අවු : 32) නමැති එක්දරු පියෙකි.
පෞද්ගලික ආයතනයක රැකියා නිරතව මොහොමඩ් නෞසර් ෆාතිමා රිස්වානා (බිරිය) (අවු 32) රැකියාව අවසන් කර නිවසට පැමිණීමත් සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් උරණ වු බිරිඳ සිය සැමියා මෙලෙසතියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බවට සිදු කරන ලද මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇති බව නුවරඑළිය පොලිසිය පැවසීය.
මෙම ඝාතනය (23) දින රාත්‍රි 11.30 ට පමණ සිදුවී ඇති අතර, සිද්ධිය දැනගත් ප්‍රදේශවාසීන් 1990 ගිලන්රථ සේවාවට දුරකථන ඇමතුමක් ලබාදී එම ස්ථානයට ගෙන්වා ගත් නමුත් ගිලන් රථය පැමිණෙන විටදී පිහි ඇනුමට ලක් ව තුවාල ලබා සිටි පුද්ගලයා නිවස තුළම මියගොස් ඇති බවට අනාවරණය වී ඇත.
සැකකාරිය නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
හැටන් රංජිත් රාජපක්ෂ, නුවරඑළිය සී. මහගම