Home » ධීවරයන්ට විකිණීමට තිබූ පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

ධීවරයන්ට විකිණීමට තිබූ පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

by sachintha
September 25, 2023 1:23 am 0 comment

පුල්මුඩේ පොලිස් වසමට අයත් අරිසිමලේ පොල්මල්කුඩා වෙරළේදී ධීවරයන්ට විකිණීමට සූදානම් කර තිබූ පුපුරන ද්‍රව්‍ය තොගයක් පෙරේදා (23) රාත්‍රී අත්අඩංගුවට ගැනීමට පුල්මුඩේ පොලිසිය සමත් වී තිබේ.
පුල්මුඩේ ස්ථාපිත රංවැලි නාවික කඳවුරට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරු පලා ගොස් තිබිණැයි පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් පුපුරන ද්‍රව්‍ය අතර, වෝටර් ජෙල් කරල් හයක්, සේවානූල් හයක්, විදුලි නොවන ඩෙටනේටර් 24ක් හා ජංගම දුරකතනයක් තිබී ඇත. පලා ගිය සැකකරු සොයා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ත්‍රිකුණාමලය විශේෂ – ඒ.ටී.එම්. ගුණානන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT