Home » රෙදි වේළීමට තුන්වැනි මහලට ගිය කත ඇද වැටී මරුට

රෙදි වේළීමට තුන්වැනි මහලට ගිය කත ඇද වැටී මරුට

by sachintha
September 25, 2023 1:24 am 0 comment

බලන්ගොඩ වැලිහරනාව ප්‍රදේශයේ තුන් මහල් නිවසකින් ඇද වැටීමෙන් 62 හැවිරිදි කාන්තාවක් මරණයට පත්ව ඇතැයි බළන්ගොඩ පොලිසිය පවසයි. මෙම විවාහක කාන්තාව පසුගිය 22 වැනිදා නිවෙසේ තුන්වැනි මහලට ගොස් රෙදි වියළීමට රෙදි වැලකට දමද්දී පය ලිස්සා ගොස් බිමට වැටී ඇතැයි පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මියගිය කාන්තාව තම පවුලේ අය සමඟ මෙම නිවස කුලියට ගෙන පදිංචිව සිටි බව ද පොලිසිය පවසයි. වේලායුදම් තිලගවදී නම් මෙම කාන්තාවගේ හදිසි මරණ පරීක්ෂණය 22 වැනිදා බළන්ගොඩ මූලික රෝහලේදි පැවත්විණ.
කහවත්ත – නිරෝෂණ පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT