282
බලන්ගොඩ වැලිහරනාව ප්රදේශයේ තුන් මහල් නිවසකින් ඇද වැටීමෙන් 62 හැවිරිදි කාන්තාවක් මරණයට පත්ව ඇතැයි බළන්ගොඩ පොලිසිය පවසයි. මෙම විවාහක කාන්තාව පසුගිය 22 වැනිදා නිවෙසේ තුන්වැනි මහලට ගොස් රෙදි වියළීමට රෙදි වැලකට දමද්දී පය ලිස්සා ගොස් බිමට වැටී ඇතැයි පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
මියගිය කාන්තාව තම පවුලේ අය සමඟ මෙම නිවස කුලියට ගෙන පදිංචිව සිටි බව ද පොලිසිය පවසයි. වේලායුදම් තිලගවදී නම් මෙම කාන්තාවගේ හදිසි මරණ පරීක්ෂණය 22 වැනිදා බළන්ගොඩ මූලික රෝහලේදි පැවත්විණ.
කහවත්ත – නිරෝෂණ පෙරේරා