Sunday, May 11, 2025
Home » ලඳු කැලෑවක සඟවා තිබූ කෝටි තුනහමාරක මත්පෙති අත්අඩංගුවට

ලඳු කැලෑවක සඟවා තිබූ කෝටි තුනහමාරක මත්පෙති අත්අඩංගුවට

by sachintha
September 25, 2023 1:24 am 0 comment

මන්නාරමේ තාරාපුරම් ප්‍රදේශයේ ලඳු කැලයක සඟවා තිබූ රුපියල් කෝටි තුනහමාරක් පමණ වටිනා මත්පෙති දෙලක්ෂ හැත්තෑදහසක් සමඟ එක් සැකකරුවකු පොලිසිය විසින් 23 දා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මත්පෙති තොගය වාහනයකින් ප්‍රවාහනය කරන තුරු ලඳු කැලයේ සඟවා තිබී ඇති අතර, පොලිසියට ලැබුණු තොරතුරක් මත අදාළ ස්ථානයට ගොස් එම මත්පෙති තොගය අත්අඩංගුවට ගෙන තිබේ. මන්නාරමේ පාසල් සිසුන්ට හා පෞද්ගලික උපකාරක පන්තිවල ළමයින්ට අලෙවි කිරීම සඳහා මෙම මත්පෙති තොගය පුත්තලමේ සිට මන්නාරමට රැගෙන විත් ඇති බවට මන්නාරම පොලිසියේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන්ට තොරතුරු ලැබී තිබේ. සැකකරු මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT