ඓතිහාසික නීලගිරි සෑයේ සංරක්ෂණ කටයුතු සිදුකරන අවස්ථාවේ මැටියෙන් සකස් කරන ලද ලද මංජුසාවක් හමුවු බව නැඟෙනහිර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ශාන් මුණසිංහ මහතා කියයි.
මෙම මංජුසාව විවෘත කිරීමෙන් පසුව ඒ තුළ පළිඟු කරඬු දෙකක් හමුවී තිබේ. මෙයට අමතරව පළිඟු කරඬුවේ කොටස් ද තිබි ඇත. මෙම මංජුසාවේ පත්ඉරුවක් වැනි යමක් පෙන්නුම් කරන අතර පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ රසායනාගාරයේ දී එය විවෘත කර පරීක්ෂා කිරීමෙන් පසුව එහි ඇත්තේ කුමක්දැයි කිව හැකි බව ද සහකාර අධ්‍යක්ෂඛවරයා පැවසීය.
නීලගිරි චෛත්‍යයේ නැඟෙනහිර දිසාවේ සංරක්ෂණ කිරීමේදි උපරි ව්‍යුහයේ තිබි මෙම මංජුසාව මතුව තිබේ. දැනට හමුවු මංජුසාව සහ අනෙක් පුරාවස්තු අම්පාර දිසාපති කාර්යාලයේ සේප්පුවේ තැන්පත් කළ බව ද පැවසේ. නීලගිරි සෑය ඉදිකිරීමේ කටයුතු පුරාවිද්‍යා දෙපාර්මේන්තුව සහ ගුවන් හමුදාව මගින් සිදුකරන අතර සිවිල් ආරක්ෂක බළකායේ සහාය ද එයට ලැබී තිබේ.
මීට වසර කිහිපයකට පෙර ද නීලගිරි චෙත්‍යයේ කැණීම් කරන අවස්ථාවේ රන් කරඩු තුනක් සහ ඒ තුළ තිබි තැන්පත් කරන ලද ධාතුන් වහන්සේලා හමුවිය.
දිගාමඩුල්ල විශේෂ ඩබ්. චන්ද්‍රපාල