වෑන් රියක් පැමිණි පිරිසක් මාවෙල සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බසයක් නවතා එහි සිටි මගියේකුට පහර දී පිහි පාරවල් එල්ල කොට එම වෑන් රථයේන් පැහැරගෙන ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි. මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ කොත්මලේ කඩදොර ප්‍රදේශයේ පදිංචි හේමන්ත රාජපක්ෂ නැමැති 46 හැවිරිදි අයකි. මොහු ගම්පොළ ඩිපෝවේ රියදුරකු ලෙස රැකියාව කරන අයකු බවත් ඔහු ගම්පොළ අනුරාධපුර බස් රථයේ සේවය කරන බවත් පොලිසිය පවසයි.
ඊයේ උදෑසන මාවෙල සිට මහනුවර දක්වා මෙම බස් රථය ධාවනය වී ඇති අතර කඩදොර ප්‍රදේශයේන් හේමන්ත යන අය බස් රථයට ගොඩ වී ඇත්තේ රැකියාවට යාම සඳහාය. බසය ඉදිරියට යමින් තිබියදී රිවර්සයිඩ් නමැති ප්‍රදේශයේන් සිව්දෙනකු බසයට ගොඩ වී ඇති අතර හේමන්ත යන අයට ඔවුන් පහර දී පිහි ප්‍රහාරයක් ද එල්ල කර තිබේ. ඒ වන විට බස් රථයේ සිට ඇත්තේ පස් හය දෙනකු බව ප්‍රකාශ වේ. පිහි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා බේරීම සඳහා බසයේ එහාට මෙහාට දුව ගොස් තිබේ.
මෙම බසය උලපනේ හරහා ගම්පොළ දෙසට ධාවනය වී ඇති අතර එහි අතර මඟ ඇත්ගාල පොලිසිය හමුවේ.
නමුත් බස් රථයේ රියැදුරු හා කොන්දොස්තර බස් රථය ඇත්ගාල පොලිසිය වෙත රැගෙන නොගොස් එය ගම්පොළ පොලිසිය වෙත රැගෙන විත් ඇත. නමුත් ඇත්ගාල පොලිසිය පසුවී ජයමාලපුර ප්‍රදේශයට පැමිණෙන විට මෙම වෑන් රථයේන් මාර්ගය හරස් කොට බසය නවතා මෙම පුද්ගලයා මෙසේ පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. බස් රථය ඇත්ගාල පොලිසිය වෙත රැගෙන ගියා නම් මෙම පුද්ගලයා පැහැරගෙන යාම වැළකෙන බව ද පොලිසිය පවසයි.
මෙම පැහැර ගෙන යාම පිටුපස රජ සමයට අයත් පෞරාණික කඩුවක් පිළිබඳව යමක් පැවසී ඇති නිසා ඒ පිළිබඳව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. වෑන් රථය සොයා ගම්පොළ පොලිසිය කණ්ඩායම් හතරක් යොදවා ඇති බව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය. පැහැරගෙන යාමට ලක් වූ අයගේ බිරිඳ හා ඥාතීන් පොලිසිය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට ද කටයුතු කර ඇති අතර බස් රථයේ රියැදුරු වන අනුර කුමාර හා කොන්දොස්තර වන සුරංජිත් සංකල්ප ජනක කුමාර යන අයගෙන් ද ප්‍රකාශ ලබාගෙන තිබේ.
ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක සහකාර පොලිස් අධිකාරී එච්. එම්. හේරත් යන මහත්වරුන්ගේ උපදෙස් මත ගම්පොළ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු ප්‍රධාන පොලිස් පරීක්ෂක වෙළගෙදර පොලිස් පරීක්ෂක කුමාරසිංහ පොලිස් පරීක්ෂක ජයන්ත උප පොලිස් පරීක්ෂක දසනායක පොලිස් සැරයන්වරුන් 21580 අමිත 22 913 උදයණසිරි පොලිස් කොස්තාපල් 88 539 සේවියර් යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
ගම්පොළ සමුහ-සුරංග දිල්හාන්