Home » බුත්තලට සුළු භූ කම්පනයක්

බුත්තලට සුළු භූ කම්පනයක්

by chanaka
September 26, 2023 10:09 am 0 comment

earthquake new

බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (25) රාත්‍රී 11.20ට පමණ සුළු භූ කම්පනයක් සිදුව තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ රික්ටර් මාපාංක ඒකක 2.4ක ප්‍රබලත්වයකින් එම භූකම්පනය සිදුව ඇති බවයි.

පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටරයක් පමණ ගැඹුරින් වූ ප්‍රදේශයක හටගත් මෙම භූකම්පනය පිළිබඳ මෙරට තුළ ක්‍රියාත්මක වන භූකම්පන මාන හතරෙහිම සටහන්ව තිබේ.

කෙසේවුවද එමඟින් හානි සිදුවී ඇත් ද යන්න පිළිබද මෙතෙක් වාර්තා වී නොමැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT