Home » මැලේසියාවේ දී ලාංකිකයින් ඝාතනය කීරීමේ සිද්ධිය : සැක දෙදෙනෙක් භාරවෙයි

මැලේසියාවේ දී ලාංකිකයින් ඝාතනය කීරීමේ සිද්ධිය : සැක දෙදෙනෙක් භාරවෙයි

by chanaka
September 26, 2023 11:18 am 0 comment

මැලේසියාවේ ක්වාලාලම්පූර් ප්‍රාන්තයේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, අදාළ සැකකරුවන් දෙදෙනා ශ්‍රී ලාංකිකයන් බවට තොරතුරු ලැබී ඇති බවය.

සෙන්තුල් ප්‍රදේශයේ තිබෙන ශ්‍රී ලාංකික යුවළකට අයත් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ තිබී මියගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුගේ සිරුරු ක්වාලාලාම්පූර් පොලීසිය විසින් පසුගියෙ සිකුරාදා(22) සොයා ගෙන තිබුණි. මළ සිරුරු සොයාගන්නා අවස්ථාවේ දී එම මළ සිරුරු එකිනෙක ගොඩ ගසා තිබූ බවත් එම මළ සිරුරුවල අත් පිටුපසට බැඳ මුහුණ ප්ලාස්ටික් බෑගයකින් ආවරණය කර තිබූ බවත් වාර්තා වෙයි.

මියගිය තිදෙනාගෙන් එක් අයෙකු නිවස අයත් යුවළගේ පුත්‍රයා වන අතර අනෙක් දෙදෙනා නිවසේ කුලියට සිටි පුද්ගලයන් දෙදෙනෙකි. ඔවුන් අවුරුදු 20ත් 40ත් අතර පසුවන්නන්ය.

ක්වාලාලම්පූර් පොලිස් ප්‍රධානී උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ 40 හැවිරිදි යුවළ සහ ඔවුන්ගේ පුත්‍රයා මෙම සිද්ධියට සැක කරනු ලබන සැකකරුවන් මාස හයක් තිස්සේ හඳුනන බවට අනාවරණය වී ඇති බවයි. ඔවුන් දෙදෙනා දින දෙකක් අදාළ නිවසේ නැවතී සිට ඇතැයි ද වාර්තා වේ.

මෙම ඝාතන පිටුපස ඇති අරමුණ මෙතෙක් අනාවරණය වී නොමැත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT