Home » නව සේවා ව්‍යවස්ථාවකට අනුකූලව අධ්‍යාපන කළමනාකරණ සේවයක්

නව සේවා ව්‍යවස්ථාවකට අනුකූලව අධ්‍යාපන කළමනාකරණ සේවයක්

by yasara
September 26, 2023 2:14 pm 0 comment

දැනට පාසල්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් අතරින් තෝරාගනු ලබන පිරිසකගෙන් සමන්විත වන නව සේවා ව්‍යවස්ථාවකට අනුකූල ව අධ්‍යාපන කළමනාකරණ සේවය ස්ථාපිත කර සෑම පාසලකට ම අවශ්‍ය පරිදි  එම උපාධිධාරී නිලධාරීන් යොදවා පාසල් කළමනාකරණය යථාවත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය

පළාත්, කලාප, කොට්ඨාස, සහ පාසල් මට්ටමින් නම් කර ඇති දත්ත නිලධාරීන් සඳහා ජාතික මට්ටමින් පුහුණු අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් සකස් කළ දත්ත නිලධාරීන් පුහුණු කිරීමේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි .

රාජ්‍ය පරිපාලන විධිවිධානවලට අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 335ට සමානුපාතිකව කොට්ඨාස මට්ටමින් මෙම නව සේවය ස්ථාපිත කිරීම මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයීය පරිපාලනයට ද අනුගත ව පාසල් පෝෂණ වැඩසටහන්, එන්නත්කරණ වැඩසටහන් ආදිය ද පහසුවෙන් සිදු කළ හැකි බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ ය.

දැනටමත් පාසල්වලට අනුයුක්ත ව රාජ්‍ය සේවයේ යෙදී සිටින සංවර්ධන නිලධාරීන් මෙම නව සේවයට බඳවාගැනීමෙන් රජයට අමතර ප්‍රතිපාදන වැය නොවන බවත් ඔවුන්ගේ සේවය මගින් පාසල්, පාසල් සංවර්ධන මණ්ඩල, කලාප හා පළාත් යන අධ්‍යාපනයට අදාළ සියලු‍ අංශවල කාර්යාලයීය කළමනාකරණය යථාවත් කරගැනීමට අපේක්ෂිත බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT