වසර 30කට අධික කාලයක් පොලිසියට කට්ටි පනිමින් සිට පසුගිය ජනවාරියේදී අත්අඩංගුවට පත්වූ ඉතාලියේ වඩාත්ම අත්‍යවශ්‍ය මිනිසා ලෙස සැලකෙන මටියෝ මෙසීනා ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 61 හැවිරිදි වියේ පසු වූ මෙසිනා පිළිකා රෝගියකු වන අතර, ඔහු මිය ගියේ අත්අඩංගුවට ගැනීමෙන් පසු රෝහලගත කර සිටියදී බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඝාතන රැල්ලකට වගකිවයුතු මහ මොළකරු ලෙස ඉතාලිය විසින් ලේබල් ගත කර සිටි මෙසීනා අත්අඩංගුවට ගැනිමට වසර 30ක් පුරා වැටලීම් සහ මෙහෙයුම් සිදු කර තිබූ අතර, අවසානයේදී පසුගිය ජනවාරියේ ඔහු අත්අඩංගුවට පත් වූයේ පිළිකා රෝගයට ප්‍රතිකාර ගැනීමට පෞද්ගලික රෝහලකට ඇතුළත්ව සිටියදීය.
එම මෙහෙයුම සඳහා ආයුධ සන්නද්ධ ආරක්ෂක අංශයේ සාමාජිකයන් සියයකට වැඩි පිරිසක් සහභාගි වූ බව ද වාර්තා වේ.