ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ දකුණු අප්‍රිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලාගේ මිනිබිරිය සොලේකා මැන්ඩෙලා මිය ගොස් තිබේ.
මිය යන විය ඇය 43 හැවිරිදි වියේ පසු වී ඇති අතර සොලේකා පිළිකා රෝගයකින් පෙළෙමින් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෑත වසරවලදී ඇය සිය පිළිකා ප්‍රතිකාර පිළිබඳ ප්‍රසිද්ධියේ සඳහන් කළ අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ මානසික අවපීඩනය පිළිබඳවද ඇය විවෘතව ප්‍රකාශ කළ බව පැවසේ.
වයස අවුරුදු 32 දී පියයුරු පිළිකාවක් ඇති බව හඳුනාගත් සොලේකා මැන්ඩෙලා ප්‍රතිකාර ලබා සුවය ලබමින් සිටි නමුත් පසුව රෝගය නැවත ඇති විය.
පසුගිය වසරේ ඇයගේ අක්මාවේ සහ පෙනහළුවල පිළිකාවක් ඇති බව තහවුරු කළ ඇය, එය අනෙකුත් අවයවවලටද පැතිර ගොස් තිබුණු බව සදහන් වේ.
2010 වසරේදී ඇගේ 13 හැවිරිදි දියණිය රිය අනතුරකින් මිය ගොස් තිබුණි.
වසර 27ක රැඳවුම් භාරයේ සිටි ඇගේ සීයා වූ නෙල්සන් මැන්ඩෙලා 1990 වසරේ දී සිරෙන් නිදහස් වන විට සොලේකා මැන්ඩෙලාට වයස අවුරුදු 10ක් පමණි.
ඇය ඔහුව දැන සිටියේ සිරගතව සිටින මිනිසෙකු ලෙස පමණි, එබැවින් ඔහු නිදහස් කරන විට ඇය නිවසට පැමිණීම ගැන සතුටු විය.
නෙල්සන් මැන්ඩෙලා 2013 වසරේ දී මිය යන විට වයස අවුරුදු 95 කි.