අකුරැස්ස – ගාල්ල ප්‍රධාන මාර්ගයේ හේනේගම ප්‍රදේශයේදී පෞද්ගලික මගී බස් රථයක් හා ත්‍රිරෝද රථයක් එකට එක ගැටීමෙන් සිදුවූ අනතුරින් ත්‍රිරෝද රථයේ පසුපස ආසනයේ ගමන් ගත් තරුණයකු ජීවිතක්ෂයට පත්වී ඇත. මෙලෙස මියගොස් ඇත්තේ තෙලිජ්ජවිල, මාරගොඩ පදිංචිව සිටි 17 හැවිරිදි පසන් මනූෂ ගමගේ නමැති තරුණයාය.
24 වෙනි දින පස්වරු 4.00ට පමණ අකුරැස්ස – ගාල්ල (ඒ 17) ප්‍රධාන මාර්ගයේ අකුරැස්ස සිට මගීන් රැගෙන ගාල්ල බලා ධාවනයවූ පෞද්ගලික මගී බස් රථය සහ ගාල්ල දෙස සිට අකුරැස්ස දෙසට ධාවනයවූ ත්‍රීරෝද රථය එකට එක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
මෙම අනතුරේදී ත්‍රිරෝද රථය පැදවූ තෙලිජ්ජවිල, අකුරුගොඩ පදිංචි 19 හැවිරිදි නානායක්කාර හල්ඔලුවගේ ඩිලූෂ සඳමිණ සහ පසුපස ආසනයේ ගමන් ගත් මනූෂ ගමගේ (17) තරුණයින් දෙදෙනා බරපතළ තුවාල ලබා අකුරැස්ස දිසා රෝහලට ඇතුළත් කෙරිණ. රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මනූෂ ගමගේ තරුණයා ජීවිතක්ෂයට පත්විණි.
අකුරැස්ස පොලිස් ස්ථානාධිපති එස්. සුදුසිංහ මහතාගේ උපදෙස් මත අකුරැස්ස රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජිනසිරි කරුණාසිංහ ඇතුළු නිලධාරීන් රියැදුරුවරයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු සිදු කළහ.
පෞද්ගලික මගී බස් රථයේ රියැදුරුවරයා අකුරැස්ස පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් අතර, ඊයේ (25) ඔහුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අකුරැස්ස මධ්‍යම විශේෂ – විජිත සල්ගාදු