දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතය ආශ්‍රිත අනවසර පදිංචිකරුවන් නැවත පදිංචි කිරීමට ඉදි කෙරෙන කොට්ටාව මාලපල්ල මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා නිරීක්ෂණයට ලක් කළේය.
මේ ව්‍යාපෘතිය යටතේ මහරගම සිට පාදුක්ක දක්වා දුම්රිය රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන් නැවත පදිංචි කිරීමට ඉදි කෙරෙන නිවාස ඒකක 120කින් මේ මහල් නිවාස සංකීර්ණය සමන්විතය.
ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ සිදු කෙරෙන මේ මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම් 2021 ජුනි මස 21 වැනි දින ආරම්භ කර ඇති අතර ඒ සඳහා බදු රහිත පිරිවැය ලෙස රු.1,317,013,808.98ක් ඇස්තමේන්තු කර ඇත. මේ වන විට එහි සමස්ත ඉදිකිරීම්වලින් 45% ක ප්‍රමාණයක් අවසන් කර ඇත.
ඉදි කෙරෙමින් පවතින මහල් නිවාස සංකීර්ණය,ඒ ආශ්‍රිත දුම්රිය මාර්ගය හා ඒ ආශ්‍රිතව කිරීමට යෝජිත නවීකරණ කටයුතු ද ඇමැතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
දුම්රිය සාමාන්‍යධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්.ගුණසිංහ, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (යටිතල පහසුකම්) එච්. එම්. ඩබ්ලිව්.බණ්ඩාර , මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. වීරකෝන්, ව්‍යාපෘති අධ්‍යක්ෂ උපාලි මල්ලිකාරච්චි මහතවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මේ නිරීක්ෂණයට එක්වූහ.
සුභාෂිණි සේනානායක