Sunday, May 11, 2025
Home » රාජ්‍ය ඇමැති ඩී.වි චානකගේ මාමාණ්ඩිය ඝාතනය වූ තැන ටී -56 හිස් කොපු 17 ක්

රාජ්‍ය ඇමැති ඩී.වි චානකගේ මාමාණ්ඩිය ඝාතනය වූ තැන ටී -56 හිස් කොපු 17 ක්

-මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්කි කැදවීම ලබන මස 2 දා

by sachintha
September 26, 2023 1:00 am 0 comment

රාජ්‍ය ආමාත්‍ය ඩී. වී. චානක මහතාගේ බිරිඳගේ පියා වන ඝාතනයට ලක්වූ ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් මහතාගේ මරණය පිළිබඳ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්කි කැඳවීම ඔක්තෝබර් මස 2 දිනට කල් තැබුවාය.

ලලිත් වසන්ත මෙන්ඩිස් මහතා පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ව්‍යාපාරික ස්ථානයේ සිට ගාල්ල වුඩ්වර්ඩ් මාවතේ සිට නිවස වෙත යමින් සිටියදී ඩික්සන් හන්දියේදී යතුරුපැදියකින් පැමිණි නොහඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් තබා ඝාතනය කෙරිණි.

මෝටර් රථය තුළම ලලිත් වසන්ත මහතා මිය ගොස් තිබු අතර එම ස්ථානයේ තිබී ටී. 56 හිස් කොපු 17 ක් පොලිසිය විසින් සොයා ගෙන ඇත. ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඝාතනයට ලක් වූ ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ ( 25 ) ගාල්ලේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු විය.

ගාල්ල වුඩ්වර්ඩ් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේදී ආගමික වතාවක් සිදු කරන ලදි. එහිදී ගාල්ල බෝගහගොඩැල්ල ශ්‍රී සුදර්ශන පරමානන්ද විහාරාධිපති උඩුගම අස්සජි හිමියෝ පිරිස පංචපශීලයෙහි පිහිටුවා මතක වස්ත්‍ර පූජාව සිදු කළහ. ඉන් අනතුරුව ගාල්ල විද්‍ය⁣ලෝක පරිවෙනාධිපති පිනිකහනේ සමිත, ලුණුගම්වෙහෙර කැන්දගත්මංකඩ ශ්‍රී රත්නගිරි විහාරාධිපති ගලපිටගල පේමරතන,කෙමංගොඩ මිණිකිරුල රජමහා විහාරාධිපති ලියන්වල සුමනසිරි යන හිමිවරුන් අනුශාසනා පැවැත්වු අතර දකුණු පළාත් සභාවේ හිටපු ඇමැති ඩී. වී. උපුල්, ගාල්ල වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ හිටපු සභාපති සමගි ජනබලවේගයේ ගාල්ල සංවිධායක රවි කලංසුරිය සහ නිරෝෂණ එදිරිසිංහ යන මහත්වරුද කතා කළහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එවා තිබු ශෝක පණිවුඩය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා අවමංගල්‍ය සභාවට ඉදිරිපත් කළේය.

ඉන්අනතුරුව රිය පෙරහරකින් ලලිත් වසන්ත මෙන්ඩිස් මහතාගේ දේහය රැ⁣⁣ගෙන ⁣ගොස් දඩල්ල ආදාහනාගාරයේදී ආදාහනය කරන ලදී.

මෙම අවස්ථාවට ගාමිණි ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, යෝෂිත රාජපක්ෂ, ඡානක වක්කුඹුර යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

දකුණු පළාත් සංචාරක එස්. දීයගහගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT