යාපනයේ වැල්වෙට්ටිතුරේ ගම්මානයේ ඉපදී හැදී වැඩී අධ්‍යාපනය ලබා මීට වසර 11කට පෙර රැකියාවක් සඳහා කැනඩාවට ගිය විජේ තනිකාසලම් කැනඩාවේ ඔන්රියෝ ප්‍රාන්තයේ නියෝජ්‍ය ගමනාගමන අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගෙන තිබේ.
ඔහු මීට පෙර කැනඩාවේ ඔන්රියෝ ප්‍රාන්තයේ පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කොට තිබේ. 45 හැවිරිදි විජේ තනිකාසලම් මීට වසර 11කට ඉහතදී රැකියාවක් සඳහා කැනඩාවට ගොස් කැනඩාවේ පුරවැසිභාවය ඇති දෙමළ කාන්තාවක් සමඟ විවාහ වූ අයෙකි. විජේ තනිකාසලම් මහතාටද කැනඩාවේ පුරවැසිභාවය ලැබීමෙන් පසු ඔහු එරට ඔන්රියෝ ප්‍රාන්තයේ දේශපාලන කටයුතුවල නිරත වූ අයෙකි.
මේ වන විට විජේ තනිකාසලම් මහතාගේ පවුලේ මුල් සාමාජිකයෝ යාපනයේ වැල්වෙට්ටිතුරේ ප්‍රදේශයේ නොමැති අතර වැඩි පිරිසක් කැනඩාවට ගොස් සිටිති.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ
339