හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඉහළ දිවුල්වැව ශ්‍රී ජිනරතනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන චෛත්‍යයට මුල්ගල තැබීමේ උත්සවය පසුගියදා ඉමහත් හරසර මධ්‍යයේ පූජනීයත්වයෙන් පැවැත්විණ.
මෙම උත්සව අවස්ථාව ඉහළ දිවුල්වැව ශ්‍රී ජිනරතනාරාම විහාරාධිපති විමලවංශ නායක හිමියන්ගේ ආරාධනයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහ ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙම අවස්ථාවට අඹගස්වැව ඉන්ද්‍රරතන, අලුවිහාරේ විමලරතන, තවලම්හල්මිල්ලෑවේ දේවානන්ද, වැලිමුව පොතානේ පියරතන, තම්මැන්නාවේ සංඝරතන, ගෝමරන්කඩවල හේමරතන යන නාහිමිවරු ද දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර, ප්‍රාදේශීය ලේකම් එම්. කේ. පී. මොරවක යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
අනුරාධපුර දිසා විශේෂ – වෝල්ටර් දයාරත්න