Home » තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ උ/පෙළ සමතුන්ට උපහාර

තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ උ/පෙළ සමතුන්ට උපහාර

by sachintha
September 26, 2023 1:00 am 0 comment

මාතර, තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය කන්නංගර මැතිඳුන් නිදහස් අධ්‍යාපන සංකල්ප යටතේ බිහි කළ මුල්ම මධ්‍ය විද්‍යාල කිහිපයෙන් එකකි. ඒ මධ්‍ය විද්‍යාල සුන්දර නිහඬ නාගරික නොවූ අධ්‍යාපනයට උචිතම පරිසරයක පිහිටුවීමට ඔවුන් උත්සාහ කර ඇත. ඒ සියලු තත්ත්වයන්ගෙන් පරිපූර්ණ වූ මධ්‍ය විද්‍යාලයකි තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය. එහෙත් එම තත්ත්වයන් අධ්‍යාපනයට කෙතරම් වැදගත් වුවත් වර්තමානයේ, තරගකාරී අධ්‍යාපනය තුළ බාහිර පන්ති ආදි විවිධ වූ අවශ්‍යතා වෙනුවෙන් එම පාසල් අත්හැර නගරයේ පාසල් වෙත සිසුන් ඇදී ඒම සිදුවේ.

එවන් තත්ත්වයන් කළමනාකරණය කර ගනිමින් තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ උසස් පෙළ ප්‍රතිඵල ජයග්‍රාහී මට්ටමක පවත්වාගෙන යෑමට ගත් උත්සාහයට එම සිසුන්ට හා උසස් පෙළ ගුරු භවතුන්ට සහ මේ සියලු දේ ඉතා හොඳින් කළමනාකරණය කළ වර්තමාන විදුහල්පති ජයන්ත මීගොඩ මහතා ඇතුළු සැමට අභිමානය පළ කිරීමේ වැඩසටහනක් පසුගියදා (22) පැවත්විණි.

එදින පෙරවරුවේ තෙලිජ්ජවිල මංසන්ධියේ සිට පාසල් භූමිය දක්වා විද්‍යාලයේ තූර්යවාදන කණ්ඩායම පෙරටු කරගත් අලංකාර පෙරහරකින් වෛද්‍ය, ඉංජිනේරු, නීති, කලා, කළමනාකරණ, විද්‍යාවේදී ආදි කේෂ්ත්‍රවලින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලද සිසුන් එකසිය හතළිහක් (140) සහ විදුහල්පති ජයන්ත මීගොඩ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය කැඳවාගෙන පැමිණ පාසල් භූමියේ එළිමහනේ තැනූ අලංකාර වේදිකාවක් මතදී පදක්කම් පලඳා සිසුන් සියලු දෙනාටම උපහාර දැක්වීමයි.

තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සහ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව මඟින් මේ උපහාර උළෙල සංවිධානය කර තිබිණි.

වජිර පූජිත ගුණවර්ධන තෙලිජ්ජවිල සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT