249
කුලී ගමනක් ගොස් ත්‍රිරෝද රථයේ අමතක වූ රුපියල් පනස්දහසක මුදලක් හිමිකාරිය වෙත නිෙවසටම ගොස් භාර දීමට ත්‍රිරෝද රථ රියැදුරකු කටයුතු කළ පුවතක් පාණදුර ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම ආදර්ශමත් ක්‍රියාව සිදු කර ඇත්තේ පාණදුර වැකඩ, කවිරාජ මාවතේ ත්‍රිරෝද රථ ගාලේ නිහාල් ප්‍රනාන්දු මහතාය. පාණදුර වැකඩ දෙව්රංගී චාරුනී නමැති කාන්තාව ඔහුගේ ත්‍රිරෝද රථයෙන් පාණදුර නගරයට ගොස් නැවත පැමිණීමෙන් පසු මුදල් ත්‍රිරෝද රථයේ තිබී හමුවී ඇති අතර, දුරකතන අංකය සොයාගෙන ඇයගේ නිෙවසටම ගොස් මුදල් භාර දීමට නිහාල් ප්‍රනාන්දු මහතා කටයුතු කර තිබේ.
පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක