වේයන්ගොඩ ජයසූරිය මාවතේ තුන්වැනි මහලේ ඉදිකරමින් පවතින නිෙවසක කොන්ක්‍රීට් ගල්ගොඩක තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයා ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි.
ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටින පෙදරේරුවන්ට මෙසේ මෙම බෝම්බ හමුවී ඇත. මෙසේ හමුවී ඇත්තේ මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හා විදේශීය රටක නිෂ්පාදිත බෝම්බයක් බව පොලිසිය සඳහන් කරයි. විදේශීය රටක නිෂ්පාදිත බෝම්බය මලකඩ කා දිරා යමින් තිබූ එකක් බව පොලිසිය පවසයි.
මෙසේ හමු වූ බෝම්බ සම්බන්ධයෙන් අත්තනගල්ල අධිකරණයට කරුණු වාර්තා කර පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කරන බවද පොලිසිය සඳහන් කරයි. මෙම බෝම්බ මෙම ස්ථානයට ලැබුණු ආකාරය හෙළි කර ගැනීමට වේයන්ගොඩ පොලිසිය පරීක්ෂණ සිදු කරයි.
කොටදෙණියාව සමූහ එම්. පුෂ්පකුමාර වේයන්ගොඩ විශේෂ