ත්‍රිකුණාමලය සිට සාම්පුර් දක්වා ගමන් ගත් නාවික හමුදා බස් රථයක් චීන වරාය පොලිස් වසමට අයත් ධාන්‍යගම ප්‍රදේශයේදී පසුගියදා මාර්ගයෙන් ඉවතට පැන රූපලාවණ්‍යාගාරයකට හානි කරමින් සිදුවූ අනතුරෙන් එම බස් රථයේ ගමන් ගත් නාවික භටයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් නාවික භටයකු බසය පැදවූ රියැදුරා වන අතර, ඔහුගේ තත්ත්වය බරපතළ බව වාර්තාවේ. බරපතළ තුවාල ලැබූ නාවික රියැදුරා ත්‍රිකුණාමලය මහා රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සෙසු නාවික භටයා නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබයි.
පාඨමාලාවක් සඳහා සාම්පූර් පිහිටි විදුර නාවික කඳවුරට භටයන් රැගෙන ගිය බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් චීනවරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ත්‍රිකුණාමලය විශේෂ – ඒ. ටී. එම්. ගුණානන්ද
463