Home » හුංගම මාළු ලෑල්ල අසලදී ධීවරයකු කපා කොටා මරා දලා

හුංගම මාළු ලෑල්ල අසලදී ධීවරයකු කපා කොටා මරා දලා

by sachintha
September 26, 2023 1:00 am 0 comment

හුංගම තලුන්න ප්‍රදේශයේ මාළු ලෑල්ලක් අසල දී තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කර ඇති බව හුංගම පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කහඳමෝදර පදිංචි 34 හැවිරිදි ධීවර කාර්මිකයෙකි. ඝාතනය සිදුකර ඇතැයි සැලකෙන පුද්ගලයා වාඩිගල නෙටොල්පිටියේ පදිංචි අයකු වන අතර, සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව ඇති බවද පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා රුපියල් 30000ක මුදලක් සැකකරුගෙන් ලබාගෙන ඇති අතර, සැකකරු එම මුදල ධීවර කර්මාන්තයේ යෙදෙන බෝට්ටු හිමිකරුගෙන් ඉල්ලා ලබා දී ඇති හෙයින් එම මුදල අයිතිකරුට ලබා දෙන ලෙස කිහිප වතාවක් කියා සිටියත් එය පැහැරහැරීම හා රැකියාවට පවා නොයෑම හේතුවෙන් ඇති වූ උරණ වීමක් මත දෙදෙනා අතර, ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදු වන්නට ඇතැයි මූලික පරීක්ෂනවලදී අනාවරණය වී ඇති බව ද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

ලුණම සමූහ – සනත් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT