පසුගියදා පැවති ග්ලෝරියස් වූෂු තරගාවලියේදී ජයග්‍රාහණ රැසක් ලබා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට පොලිස් වූෂු සංගමය නියෝජනය කරමින් ඉදිරිපත් වූ තරගකරුවන් සමත්ව තිබේ.
පසුගිය 16 හා 17 වන දෙදින නිට්ටබුව Co-Op ප්ලාසා හිදී පැවති මෙම තරගාවලිය ශ්‍රී ලංකා වූෂු සම්මේලණයේ අධීක්ෂණය යටතේ සිලෝන් වූෂු සංගමය මගින් සංවිධානය කර තිබිණ. මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වූ තරගකරුවන් රන් පදක්කම් 04 ක් හා රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්වූ අතර අනෙක් තරගකරුවන්ද කැපී පෙනෙන දක්ෂතා පෙන්වීමට සමත් විය.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් හා මග පෙන්වීම් මත ශ්‍රී ලංකා පොලිස් වූෂු සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ සම ලේකම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.ජී.එස්. ගුණතිලක මහතාගේ අධික්ෂණය යටතේ අන්තර්ජාතික වූෂු පුහුණුකරු ස්වර්ණ ශ්‍රී විජේරත්න මහතාගේ සහ සහය පුහුණුකරු ප්‍රදීප් කුමාර මහතාගේ සහ ලේකම් මෙහෙයවීම මත මෙම පොලිස් වූෂු කණ්ඩායම මෙම තරගාවලිය සඳහා ඉදිරිපත්ව තිබිණ.
වැලිමඩ සමූහ – අර්. රාජමන්ත්‍රී