Home » පින්නකැලේවත්ත පියදර්ශනාරාම දහම් පාසලට සමස්ත ලංකා ජයක්

පින්නකැලේවත්ත පියදර්ශනාරාම දහම් පාසලට සමස්ත ලංකා ජයක්

by sachintha
September 26, 2023 1:00 am 0 comment

දහම් පාසලේ ජයග්‍රහණයට උරදුන් සිසුන් විහාරවාසී දොරොව්වේ ඤාණරතන හිමියන් සමඟ

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා 2023 ඇගැයීම් තරගාවලිය යටතේ පසුගිය 24 දින පැවති දිවුලපිටිය කලාප අංක 2 කොට්ඨාසයේ දහම් පාසල් අතරින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට දිවුලපිටිය පින්නකැලේවත්ත පියදර්ශනාරාම දහම් පාසල සමත්විය.
මෙම දහම් පාසල මෙසේ පළමු ස්ථානය දිනා ගනු ලැබුයේ 20 වැනි වරට වීම සුවිශේෂී කරුණක්වේ. මෙම තරගාවලියේදී පියදර්ශනාරාම දහම්පාසල් දරුදැරියෝ ප්‍රථම ස්ථාන 16ක්, දෙවැනි ස්ථාන 10ක් හා තෙවැනි ස්ථාන 02ක් දිනා ගනු ලැබීමට සමත්වූහ. ඊට අමතරව තවත් දරුදැරියන් පස් දෙනෙකු සිවුවැනි ස්ථානයන්ද තිදෙනෙකු පස්වැනි ස්ථානයන්ද ලබාගෙන ඇති අතර සිසුන් ඉදිරිපත්වූ තරග ඉසව් 41කින් මෙම ජයග්‍රහණයන් ලබා ගෙන ඇත.
කොටදෙනියාව සමූහ – එම්. පුෂ්පකුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT