Home » කේ.ජී කිලෝ 12ක් අදිද්දී මාට්ටු

කේ.ජී කිලෝ 12ක් අදිද්දී මාට්ටු

by sachintha
September 26, 2023 1:00 am 0 comment

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් හොර රහසේ මෙරටට ගෙන්වූ කේරළ ගංජා තොගයක් සමඟ ජාවාරම්කරුවෙක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (24) අත්අඩංගුවට ගනු ලැබුවේය.

කයිට්ස් පොලිස් වසමේ කයිට්ස් ඩිපෝව පාර ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් හොර රහසේ මෙරටට ගෙන්වන ලද කේරළ ගංජා කිලෝ 12 ග්‍රෑම් 340ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන් කළ කරෛයිනගර්, යාපනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බළකාය යාපනය කඳවුරේ උප පොලිස් පරික්ෂක එච්.ඩී.කේ. විතාරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT