Saturday, May 10, 2025
Home » මහින්දයේ සෙනුජ 20ට 6යි 13න් පහළ ක්‍රිකට්

මහින්දයේ සෙනුජ 20ට 6යි 13න් පහළ ක්‍රිකට්

by sachintha
September 26, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 20කට කඩුලු 6ක් දවාලීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ නායක සෙනුජ වෙහාන් සමත් විය.

රත්ගම දේවපතිරාජ: පළමු ඉනිම – 70 (පන්දුවාර 25.4) සෙනුජ වෙහාන් 20/6, මිරත් සෙනුජ 11/2

ගාල්ල මහින්ද: පළමු ඉනිම – 129/9 (පන්දුවාර 41.3) අනුග පල්ලියගුරු 28, සෙනුජ වෙහාන් 25, අධීෂ ගෞතම් 25 /3, දියත් සංජිත 25/2

හරිස්චන්ද්‍ර ජාතික පාසලට පළමු ඉනිමේ ජය

කොළඹ කේරි : පළමු ඉනිම – 96/9 (පන්දුවාර 50) ආයිෂ් සම්සුදීන් 34, සදෙව් ආකර්ෂ 14/3, සෙනුර ජයසේකර 14/2, හෂ්මිත දහනායක 27/2

හරිස්චන්ද්‍ර ජාතික පාසල : පළමු ඉනිම – 121 (පන්දුවාර 39.3) අභිමාන් පෙරේරා 72, ගවිනු බණ්ඩාරිගොඩ 13/3, නේමික අල්විස් 31/3

මලියදේවයට පළමු ඉනිමේ ජය

කුරුණෑගල මලියදේව : පළමු ඉනිම – 252/8 (පන්දුවාර 50) රහල් සන්දීප් 74, දෙව්මිණ බණ්ඩාර 37, චානුක් අසිත් 33, දෙව් නෙතුසර 25, දක්ෂිණ සතිෂ් 64/4

පොළොන්නරුව රාජකීය: පළමු ඉනිම – 44 (පන්දුවාර 23.4) තෂේන් සරත්චන්ද්‍ර 1/3, රහල් සන්දීප් 0/2, දෙව් නෙතුසර 2/2

රාජකීය: දෙවැනි ඉනිම – 73/1 (පන්දුවාර 13) මනුක මින්දුල නොදැවී 42

කළුතර විද්‍යාලයට පළමු ඉනිමේ ජය

බලපිටිය රේවත: පළමු ඉනිම – 102/9 (පන්දුවාර 50) දෙව්මිණ ජයතිලක 16/2

කළුතර විද්‍යාලය: පළමු ඉනිම – 167/5 (පන්දුවාර 39) තෙව්ජාන් ප්‍රනාන්දු 37, ඉනුක නෙත්මින් 26, රිෂොන් කෙවින් 20, දිනුක මෙන්ඩිස් 25/2

විද්‍යාර්ථයට පළමු ඉනිමේ ජය

කුරුණෑගල සාන්ත ආනා : පළමු ඉනිම – 87 (පන්දුවාර 37.4) සෙනිත් හේරත් 13/4, සෙනුත් විජේතුංග 8/2)

විද්‍යාර්ථ මහනුවර: 101/7 (පන්දුවාර 33) තේෂාන් නිවර්තන 25, ළකිඳු ගනේගොඩ නොදැවී 20, නෙසාද් වීරසේකර 9/2, අදීෂ ගිම්හාන 2/9)

කුරුණෑගල සාන්ත ආනා : දෙවැනි ඉනිම – 42/7 (පන්දුවාර 21) සෙනුත් විජේතුංග 13/4, සෙනිත් හේරත් 24 /2

සාන්ත සිල්වෙස්තර්ට පළමු ඉනිමේ ජය

වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් : පළමු ඉනිම – 107 (පන්දුවාර 32) තරුෂ්ක ද සිල්වා 34, ආදිත්‍ය රණමුකගේ 15/3, දිනුජ ඒකනායක 40/3, මුහම්මද් ෂහීර් 10/2

මහනුවර සාන්ත සිල්වෙතර: පළමු ඉනිම – 108/9 (පන්දුවාර 50) පුලස්ති ගුණවර්ධන 27, දුලේන් අකීල් 13/2, ඉඳුවර රණතුංග 17/2

වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් : දෙවැනි ඉනිම – 4/0 (පන්දුවාර 1)

සා. අන්තෝනි – ධර්මරාජ

ජය පරාජ නෑ

කටුගස්තොට සාන්ත අන්තෝනි: පළමු ඉනිම – 215/7 (පන්දුවාර 50) ඔකිඳු එදිරිසිංහ 52, පමෝද් සෙනෙවිරත්න 42, රනිඳු නාරායන 29, විහඟ නෙතුසර 29, මන්දිල් ගුණවර්ධන 15/2, තිනුලක රාජපක්ෂ 29/2

මහනුවර ධර්මරාජ : පළමු ඉනිම – 99/4 (පන්දුවාර 26) (දිනෙත් මිහිරිඳු 29, සෂිත් බණ්ඩාර 21, යුනෙත් ​​චන්ද්‍රසෝම 41/2

ගුරුකුල විද්‍යාලයට පළමු ඉනිමේ ජය

පන්නිපිටිය ධර්මපාල: 122/9 (පන්දුවාර 50) සනුග දුල්මික 20, සදෙව් දිම්සර 7/3, දිනුක නිරෝද් 25/2

කැලණිය ගුරුකුල : 131/7 (පන්දුවාර 40) සෙනුර විකුම් 39 , අයාස් අමීන් නොදැවී 37, චාමික දිල්රුක් 24/2, සිතුම් සෙනුවර 32/2

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT