ක්‍රීඩා අමාත්‍යාංශයේ මඟපෙන්වීමට අනුව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් සංවිධාන කරනු ලැබූ ‘නෙස්ලේ නෙස්ටොමෝල්ට් පාපැදි අභියෝගතා තරගාවලිය විහාරමහා දේවී උද්‍යානයේදී පසුගියදා නිමාවට පත් විය.
නෙස්ලේ නෙස්ටොමෝල්ට් අනුග්‍රාහකත්වය යටතේ පැවැති මේ තරගාවලිය පාපැදි තරග ඉසව් 8කින් සමන්විත වූ අතර, එහිදී කිලෝමීටර් 48ක දුරකින් සමන්විත සුපිරි පිරිමි රේසිං තරගය ජය ගැනීමට පැරගන් පැඩල්ස් පාපැදි ක්‍රීඩා සමාජයේ ඒ.හෙට්ටිආරච්චි සමත් විය. දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදා පාපැදි ක්‍රීඩා සමාජයේ එච්.එම්.ඩබ්.සඳරුවන් පින්ටෝ දිනා ගත් අතර, ශ්‍රී ලංකා නාවික හමුදා පාපැදි ක්‍රීඩා සමාජයේ ජනක හේමන්ත තුන්වැනි ස්ථානයට පත් විය.
කනිෂ්ඨ තරගයේ ජයග්‍රාහකයෝ නෙස්ලේ ලංකා පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ (කිරි ආහාර) රුවන් වැලිකල, උප සභාපති (සමූහ කටයුතු) බන්දුල එගොඩගේ, කළමනාකාර අධ්යක්ෂ බර්න්හාඩ් ස්ටෙෆාන්, පාපැදි සම්මේලනයේ සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, නෙස්ලේ ලංකා පෞද්ගලික සමාගමේ සුපිරි වෙළෙඳසල් අංශ ප්‍රධානි තිලාන් ප්‍රසන්න සහ පාපැදි සම්මේලනයේ ලේකම් නලින් අධිකාරිආරච්චි මහත්වරු සමඟ