ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ බාලිකා පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී මෙවර තරගවාරයේ පළමු ද්විත්ව ශතකය රැස් කිරීමට මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ මනුදි දුලංසා සමත් වූවාය.
පිත්තෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා වමත් ආරම්භක පිතිකාරිනී මනුදි දුලංසා පන්දු 105කදී හතරේ පහර 20ක් සහ හයේ පහර 19ක් සමඟින් ලකුණු 217ක් රැස් කළාය. පන්දුවෙන් ද දස්කම් දැක්වූ මනුදි දුලංසා ලකුණු 6කට කඩුලු 2ක් දවාලීය. මෙම තරගයේදී මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට එරෙහිව ලකුණු 211ක ජයක් ලැබීය.
වේල්ස් කුමරි විද්‍යාලය: 300/7 (පන්දුවාර 38) මනුදි දුලංසා 217, විශ්මි මලීෂා 26, ඩියෝනි නිර්මලා 31/3, චමෝදි මෙන්ඩිස් 53/2
කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය : 89 (පන්දුවාර 33.1) විමුක්තනා ප්‍රනාන්දු 14/3, දිනිති දේවින්ද්‍යා 20/2, මනුදි දුලංසා 6/2
ඉෂානි යද්දෙහි