ජවන හා පිටිය ක්‍රීඩා මෙන්ම ක්‍රිකට්, පාපන්දු, වොලිබෝල්, එල්ලේ වැනි කණ්ඩායම් ක්‍රීඩා සඳහා බස්නාහිර පළාත් මට්ටමෙන් පමණක් නොව සමස්ත ලංකා මට්ටමේ ද විවිධ ක්‍රීඩා තරග ඉසව් පැවැත්වෙන ,කළුතර පොතුපිටිය මහ විද්‍යාලයීය ක්‍රීඩා පිටිය අද ක්‍රීඩාවට නුසුදුසු ආකාරයේ මඩ වළක් වී තිබේ. මේ නිසා දැඩි අසීරුතාවන්වලට මුහුණ දීමට සිදුවන බවත් එය තරගවලදී ජය පැරදුම්වලටද බලපෑමක් ඇති කරවන බවත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පවසති.
පොතුපිටිය ගාලු පාර පැත්තේ පිහිටි ක්‍රීඩා පිටිය කොටසේ ආරක්ෂිත තාප්පය උසින් ඉතා අඩු නිසා ක්‍රීඩා තරග නැරඹීමට පැමිණෙන තරුණ පිරිස් එම තාප්පය මත ඉඳ ගැනීමට පුරුදු වී සිටීම ඉතා අසෝභන දසුනක් වී ඇත. එමෙන්ම දැඩි අවු රශ්මිය පවතින අවස්ථාවලද ක්‍රීඩා තරග නරඹන අයට කිසිදු ආවරණයක් නැත.
ක්‍රීඩාගාරයට වැසිකිලි පහසුකම් නැති නිසා කීුඩා තරග සඳහා පැමිණෙන දරුවන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ට බලවත් ගැටලුවකි.
කළුතර මධ්‍යම විශේෂ