537
දුම්රිය පිලීපැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මහව සිට මොරටුව බලා ධාවනය වූ දුම්රිය කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ දී පීලි පැනීමට ලක්වී ඇත.
අද (27) උදෑසන 8.00ට පමණ සිදුවූ මෙම පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන සිදුවන්නේ එක් මාර්ගයක පමණකි.
කොම්ඤ්ඤවීදිය දුම්රියට ස්ථානය පසුකර මදක් එහාට වන්නට පීලිපැනීම සිදුව ඇති අතර මේ හේතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව තිබේ.