Saturday, May 10, 2025
Home » දිවයිනේ නිරිතට වැසි වැඩිවීමක්

දිවයිනේ නිරිතට වැසි වැඩිවීමක්

by yasara
September 27, 2023 9:29 am 0 comment

weather

අද සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මි.මී. 100ක පමණ තද වැසිද බලාපොරොත්තු විය හැක.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT