Home » Google සිය 25 වැනි උපන්දිනය සමරයි

Google සිය 25 වැනි උපන්දිනය සමරයි

by yasara
September 27, 2023 12:22 pm 0 comment

ලොව පුරා විශාල පිරිසකගේ සෙව්ම් යන්ත්‍රය වී තිබෙන Google සිය 25 වැනි උපන්දිනය අද සමරයි.

සැප්තැම්බර් 4 වන දින එම සමාගම සංස්ථාපිත කරන ලද නමුත් දශකයකට වැඩි කාලයක් තිස්සේ ඔවුන් සැප්තැම්බර් 27 වන දින සිය උපන්දිනය සමරනු ලබයි

සිය උපන්දිනය සමඟ Google සිය නාමය google 25 බවට පරිවර්තනය කර ඇත

මීට වසර 25 කට පෙර එනම් 1998  google සෙව්ම ආරම්භ කළේ කැළිෆෝනියා උප නගරයක ගරාජයකිනි.

ගූගල් සමාගම 1998 සැප්තැම්බර් 4 වන දින අමෙරිකානු පරිගණක විද්‍යාඥයන් වන ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් විසින් කැලිෆෝනියාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිධාරීන්ව සිටියදී ආරම්භ කරන ලද්දකි.

නමුත් නිල වශයෙන් ගූගල් උපත ලැබුවේ 1998 සැප්තැම්බර් 27 වැනිදා යි.

මේ වන විට Google සමාගම මහද්වීප 06 ක කාර්යාල සහ දත්ත මධ්‍යස්ථාන පිහිටා ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT