බදුල්ල අලුත්වෙලගම ප්රදේශයේ නිවසක තිබි මියගිය පුද්ගලයෙකු ගේ මල සිරුරක් අද (27) දින පෙරවරු සොයා ගත් බව බදුල්ල පොලිසිය පැවසිය.
බදුල්ල අළුත්වෙලගම පදිංචි කළුආරච්චි ගේ තිලකරත්න නැමැති 59 හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් ඇති බව අනාවරණය වී තිබෙයි.
මෙම පුද්ගලයා නිවසේ තනිව ජිවත්ව ඇති අතර දින කිහිපයක සිට අවට නිවාස වල පදිංචි අයවලුන් හට එම නිවස අවටින් දුර්ගන්දයක් පැතිර යාම නිසා ඒ පිලිබඳව වසමේ ග්රාම නිලධාරි වෙත ඔවුන් විසින් දැනුවත් කර ඇත.
ඒ අනුව බදුල්ල පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පැමින එම නිවස විවෘත කර බැලිමේදි නිවසේ ඇදක් උඩ තිබි දින කිහිපයකට පෙර මියගොස් සිටි එම පුද්ගලයාගේ සිරුර හමුවු බවත් ඒ වෙනවිටත් සිරුර නරක්වි තිබු බවත් පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා ගේ මෘතදේහය වැඩිදුර පරික්ෂණ සදහා බදුල්ල ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර බදුල්ල පොලිසිය විසින් වැඩිදුරටත් විමර්ශන සිදුකරයි.