Tuesday, December 5, 2023
Home » ගුරු පත්වීම් වලදී පළාත තුළ පුරප්පාඩු පිරවීමට මුල් තැන දිය යුතුයි – අගමැති

ගුරු පත්වීම් වලදී පළාත තුළ පුරප්පාඩු පිරවීමට මුල් තැන දිය යුතුයි – අගමැති

by yasara
September 27, 2023 1:55 pm 0 comment

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පළාත් ආණ්ඩුකාරවරුන්අතර හමුවක් ඊයේ (26) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

රටේ තිබෙන ආර්ථිකදේශපාලන හා පරිපාලන තත්ත්වය සාර්ථක කර ගැනීමේ වැඩපිළිවෙළ  හොඳින් ක්‍රියාත්මක කර ගැනීම අවශ්‍යය බව හා දැනටමත් මහජන නියෝජිතයන් නැති පළාත් පාලන ආයතන ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය

ගුරු පත්වීම් පිළිබඳවත් ගැටලු පවතින බවත්  ඒ ඒ පළාත තුළම පත්වීම් දෙන්න පියවර ගත යුතු බව ද මෙහිදී අගමැතිතුමා අදහස් දැක්වූවේය

අපේ අරමුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය දීම මිස සහනදායි ස්ථාන මාරු දීම නෙවෙයි.  රජයේ ගුරුවරු බඳවා ගැනීමේ වැඩපිළිවෙළ ඒ ඒ පළාත් තුළම පුරප්පාඩු පිරවීම් සදහා ස්ථානගත කර යුතු බව ද මෙහිදී ප්‍රකාශ විය

 වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැති වරයා

 පළාත් පාලන ආයතන වලත් වසරකට වැඩි කාලයක් ජනතා නියෝජිතයින් නැහැ. ජනාධිපතිතුමා දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් පත්කරමින්  පළාත් සභාවල වැඩකටයුතුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සංවර්ධන කමිටුපත් කරමින් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වල වැඩ කටයුතුත් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කර තිබෙනවා. ආණ්ඩුකාරවරුන්  දිස්ත්‍රික් ලේකම්වරුන් සමග එක්ව වැඩ කළ යුතුයි කියලා ජනාධිපතිතුමා චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා. ජනාධිපතිතුමාගේ නියෝජිතයින් හැටියට ආණ්ඩුකාරවරුන් සුවිශේෂ බලයක් භුක්ති විඳිනවා. රාජ්‍ය නිලධාරීන් සහ ආණ්ඩුකාරවරු හැම අංශයක්ම පිළිබඳවම හොඳ අවධානයක් යොමු කළ යුතුයි.

බහු කාර්‍ය සේවකයින්  ස්ථානගත කිරීම පිළිබඳ  අවධානය වැඩිපුර යොමු කරන්න. පළාත් සභාවල සහාය ඒකට ලැබෙන්න ඕනෙ. රජයේ දෙපාර්තමේන්තු වලින් පමණක් මේක කරන්න බැහැ. සමහර දිස්ත්‍රික්කවල කුඩා ප්‍රමාණයක් පමණයි ස්ථානගත කිරීම සම්පූර්ණ කරන්න තියෙන්නෙ. මේ අයට සාමාන්‍ය පෙළ නැහැ. එන්.වී. කිව්. විශේෂ පුහුණුවක් රජය විසින් ලබා දී තිබෙනවා. එම පුහුණුව පිළිගන්නා ස්ථානයකට මොවුන් ස්ථානගත කිරීමට පියවර ගන්න.  

 හැම පළාත් පාලන ආයතනයකම ආදායම වැඩි කිරීමට පුළුවන් බව පළාත් පාලන අමාත්‍යාංශය හඳුනාගෙන තිබෙනවා. ඒ පිළිබඳ  විශේෂ උනන්දුවක් අවශ්‍යයි. උසාවි දඩමුද්දර ආදායම්වෙනත් පැවරුම්මූල්‍ය ප්‍රතිපාදන පළාත් පාලන ආයතන වලට  යොමු වීම අඩුයි. සංවර්ධන කමිටු මේ පිළිබඳව අවධානය යොමුකර වියදම් සමනය කළ හැකි උත්සාහය දරන්න. හිටපු ජනාධිපතිතුමත් වත්මන් ජනාධිපතිතුමත්  සූර්ය බල ශක්තිය වැඩි කරන ප්‍රතිපත්තියක හිටියා. නමුත් ප්‍රගතිය බොහොම අඩුයි. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පළාත් සභා හා දිස්ත්‍රික්  කමිටු ප්‍රමුඛත්වයක් දක්වන්න. පළාත් පාලන ආයතන ඩිජිටල් කරණය කිරීම මගින් ආදායම වැඩි කරගන්න පුලුවන්. අදාල කොමසාරිස්වරුන්ට ඒ පිළිබඳ උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම නිරීක්ෂණය කිරීමත් ඉතාම වැදගත්.   

ඇතැම් නීති විරෝධී ආදායම් ක්‍රම ගැන සොයා බැලිය යුතුයි. මත්ද්‍රව්‍ය භාවිතාව හෝ වෙළඳාම වැඩිවී තිබෙනවා. පොලිසිය සමඟ එක්ව පළාත් මට්ටමින් මේ පිළිබඳව අවධානය යොමු කරන්න. ඉක්මන් නොවුනොත් පාතාල කල්ලි ඝාතන  යුද්ධය කොහෙන් හමාර වෙයිද දන්නෙ නැහැ. මේ තත්ත්වය අනිවාර්යෙන්ම පාලනය කරගත යුතුයි. යුද්දෙ කාලෙ මහජන ආරක්ෂක  කමිටු හදාගත්තා. පොලිසිය අවදියෙන් හිටියා.  එවැනි ස්වේච්ඡා වැඩපිළිවෙළක් නැවත අවශ්‍යයි. ඒ තුළින්  මෙම තත්ත්වය පාලනය කර ගැනීමට උපදෙස් දිය යුතුයි. දරුවන්ගුරුවරුන්තරුණ තරුණියන් මේ පිළිබඳව අවබෝධ කර ගෙන මෙම මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යා යුතුයි. මෙම තත්ත්වය ඉක්මනින් මෙල්ල කිරීම සඳහා ආරක්ෂක අංශබහුජන සංවිධානආගමික නායකයින් සමඟ සාකච්ඡා කරන්න.

පාසලෙන් පිටවන හැම දරුවකුටම විශ්වවිද්‍යාලයට යන්න බැහැ. ඔවුන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කළ යුතුයි. විශේෂයෙන් තොරතුරු තාක්ෂණයට ඔවුන් යොමු කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න. දිස්ත්‍රික් මට්ටමින් ඒ පිලිබඳ උනන්දුවක් දක්වන්න. එහෙම නැති උනහම තමයි එක එක කල්ලි වලට මේ දරුවෝ එකතු වෙන්නෙ. තරුණ දරුවන් ඉදිරි අනාගත වැඩපිළිවෙලකට යොමු කරන්න.

රජයට හෝ රජයට සම්බන්ධ වතු ඉඩම් හෝ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අක්කර දහස් ගණන් ඉඩම් ඵලදායි දෙයකට යොදා ගන්නේ නැතුව නිකම්ම තියෙනවා. මෙම ඉඩම් තරුණ තරුණියන්ට කෙටි කාලයකට වගා කරන්න ඉඩ දෙන්න රජය තීරණය කළා. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි.  

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුරඅශෝක ප්‍රියන්තආණ්ඩුකාරවරුන් වන මහීපාල හේරත්, විලී ගමගේලලිත් යූ. ගමගේ, ඒ. ජේ. මුසම්මිල්, රොෂාන් ගුණතිලක, පී. එම්. එස්. චාල්ස්සෙන්තිල් තොණ්ඩමන්නවීන් දිසානායකරාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක සහ සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහභාගී වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT