Tuesday, December 5, 2023
Home » අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සොරු බිඳියි

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සොරු බිඳියි

by yasara
September 27, 2023 2:48 pm 0 comment

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඊයේ ( 26 ) රාත්‍රී සොරුන් කඩා එහි මුදල් ඇතුළු උපකරණ සොරා  ගෙන ගොස් ඇතිබවට අම්බලන්තොට පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ නැගෙනහිර පැත්තේ ඇතුලත් වන ‍වීදුරු සවිකර ඇති දොර කඩා කාර්යාලයට ඇතුල් වී  ගණකාධිකාරි (සරප්) අංශයේද ජනෙල් කඩා ගෙන එම අංශයට ඇතුල් වී සේප්පුව අදාල යතුරෙන්ම සේප්පුව විවෘත කර සේප්පුවේ තිබූ රාජ්‍ය මුදල් රැගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.

එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබු සේප්පුව විවෘත්ත කර  ඇත්තේ එහි යතුර භාවිතාකරමින් වන අතර එය කෙසේ වුවද යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

රැගෙන ගොස් ඇති මුදල් ප්‍රමානය කොතෙක්ද කියා තවමත් ගනනය කර නොමැති අතර රුපියල් ලක්ෂ 12 හෝ 15 ක් විය හැකි බවට අනුමාන කරන බවද කාර්යාල නිළධාරිහු පවසති.

එමෙන්ම එහි තිබු ටැබ් පරිගනක යන්ත්‍රයක් රැගෙන යෑමට ගෙන එය දමා ගොස් ඇති බවත් එදින රාත්‍රියේ ප්‍රාදේශිය ලේකම් කාර් යාලයේ ආරක්ෂාව සඳහා  යොදවා සිට ඇත්තේ එක් ආරක්ෂක නිළධාරීයෙක් පමනක් බවද පොලීසිය කියයි.

අද (27) උදෑසන කාර්යාලයේ යතුරු භාර කරු විසින් පොලිසියෙන් යතුරු රැගෙන කාර්යාලය විවෘත කිරීමට පැමීණි අවස්ථාවේ දී දොරේ විදුරු කඩා ඇති බව යතුරු භාරකරු විසින් දැක ඒ බව ප්‍රා දේශිය ලේකම තුමියට දැනුම් දීමෙන් පසුව සිද්ධිය සම්බන්දයෙන් අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර ඇත.

පසුගිය කාලයේ දී ප්‍රා දේශිය ලෙක්ම කාර් යාලය ඉදිරිපිට පිහිටා ඇති අම්බලන්තොට මහා විද්‍යාලයේද දොර ජනේල කඩා මෙලෙස පරිගනක යන්ත්‍ර සොරකම් කර තිබිණි.

සිද්ධිය සම්බන්දයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂන සිදු කරති.

කෙසේ නමුත් මේ හේතුවෙන් කාර්යාල කටයුද අඩපන වීමෙන් විවිධ සේවාවන් ලබාගැනීමට පැමිණි ජනතාවද අපහසු තාවයට පත්විය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT