Tuesday, December 5, 2023
Home » අද දවස

අද දවස

by mahesh
September 27, 2023 1:00 am 0 comment

රාහු කාලය දහවල් 
12.02 – 01.33 දක්වා 
රාත්‍රී 12.02 – 01.31 දක්වා 
දිව්‍යමය සුබ මුහුර්ත 
ගමන් යාමට 
උදේ 7.21ට උතුර බලා 
උදේ 9.14ට උතුර බලා 
ලොතරැයි මිලදී ගැනීමට 
උදේ 7.52ට උතුර බලා 
උදේ 9.27ට උතුර බලා 
පැළ සිටුවීමට 
උදේ 9.20ට උතුර බලා 
සවස 4.29ට උතුර බලා

මේෂ
ආර්ථිකය සරුවේ

එදිනෙදා කටයුතුවල පිළිවෙළක් සුබතාවක් දක්නට ලැබේ. ආර්ථිකය සරුවේ. නව ව්‍යාපාර දියුණුව වෘත්තීය ජයග්‍රහණ ඒ අතර වෙයි. තමාට තමාගේ පාඩුවේ කටයුතු කරගෙන යාමට හැකිවෙයි.

වෘෂභ
මවුපියන් සමඟ වඩාත් ළංවේ

එදිනෙදා කටයුතු අවුල් සහගත තත්ත්වයකට පත් වුව ද ඔබ වෙනුවෙන් පෙනී සිටින අය බහුල වන නිසා, තම කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකිවේ. මවුපියන් සමඟ සුහදශීලීව කල්ගෙවීමට අවස්ථාව උදාවේ.

මිථුන
නව සැලසුම් ක්‍රියාත්මක වේ

පෙර පින් මහිමයට මෙන් නව ජීවිතයේ නව පිටුවක් පෙරළෙන තත්ත්වයක් මතු කෙරේ. නව ව්‍යාපාර නව සැලසුම් ආදියෙන් උසස් ප්‍රතිලාභ හිමිවේ. ආර්ථික ලාභ පරිත්‍යාග හිමි වීමේ වාසනාව පවතී

කටක
හදිසි අනතුරු පෙන්වයි

ප්‍රවේශම අත්‍යවශ්‍යයි. හදිසි වැටීම් තැළීම් නිසා තුනටියේ අපහසුතා මතු කෙරේ. කෝපය නිසා සතුරන් ඇති වන තත්ත්වයක් පෙන්වයි.

සිංහ
ආත්ම අභිවෘද්ධිය ඉහළ යයි

විවාහ සහකරු හෝ සහකාරිය සමඟ එකට අත්වැල් බැඳගෙන ගියොත් බොහෝ පිරිස් බලය ඉහළ ගොස් ජීවිතයේ සංකීර්ණ කටයුතු සරල කර ගැනීමට මග සැලසේ. පුංචි සන්දියේ කළ කී දෑ පිළිබඳ තවත් කෙනෙකුට පැවසීමෙන් පවා ආත්ම අභිවෘද්ධිය ඉහළ නැංවෙනු ඇත.

කන්‍යා
දූ දරු සබඳතා වැඩිදියුණුවේ

තම අයිතාවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට තව බොහෝ අය එක්වෙනු ඇත. දූදරු සබඳතා වැඩිදියුණුවේ. සමාජසේවා කටයුතු සාර්ථකවේ.

තුලා
පවුලට නව සාමාජිකයෙක්

ඉතා පුණ්‍යවන්ත වේ. ඇඟ වෙහෙස කටයුතු කිරීම තුළ ශරීර අභ්‍යන්තරයේ අපහසුතා කිහිපයක් පවතී. පවුලට නව සාමාජිකයකු එක්වෙනු ඇත.

වෘශ්චික
දුරස්ව සිටිය අය ළං වේ

ණයට දී තිබූ මුදලක් කලකට පසුව තමාට හිමි වේ. දුරස්ව සිටි අය තම සමීපයට පැමිණේ. පිටස්තර අය තමාට විවිධ ආකාරයේ ඇප උපකාර කරයි.

ධනු
රියැදුරු බලපත්‍රය නිසා නීති මගට

කාර්මික කටයුතු කෙරේ දක්ෂතා ඇති අයට යහපත උදා වේ. රියැදුරු බලපත්‍රයේ ගැටලුවක් නිසා නීති මඟට බැසීමට සිදුවේ.

මකර
කටයුතු බහුල දිනකි

පැරණි දේපළක් නිසා කටයුතු බහුල වේ.

එදිනෙදා ගෘහ ජීවිතය කාර්යබහුල වුව ද සැලසුම් සහගතව ගියොත් අභිවෘද්ධිය උදාවේ.

ජලාශ්‍රිතව වෙසෙන අයට විටින්විට කරදර උවදුරු පැමිණේ.

කුම්භ
දේපළක උරුමය හිමි වේ

නව නිර්මාණ රැසක් බිහි කිරීමට අවස්ථාව උදාවේ. මවු පිය සහයෝගය නිසා තමාට නව දේපළක් උරුමය හිමි වේ.

උනන්දුවේ තරමට ප්‍රතිලාභ හිමි වේ

මීන
තම ඥාති සබඳතා පුළුල් වේ

කොයි කා අතරත් හොඳ නම දිනාගෙන කටයුතු කිරීමට සමත් වේ. එදිනෙදා ගෘහ ජීවිතය කාර්යබහුල වේ. උනන්දුවේ තරමට ප්‍රතිඵල උදාවේ.

සුබසෙත හිටපු කර්තෘ ප්‍රවීණ ජ්‍යොතිෂ්‍ය වේදී අජිත් ධර්මසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT