රාජ්‍යතාන්ත්‍රික වශයෙන් හුවමාරු වන අතිශය රහසිගත ලිපියක් දේශපාලන රැස්වීමකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමේ චෝදනාව හේතුවෙන් පාකිස්තානයේ හිටපු අගමැති ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ සභාපති ඉම්රාන් ඛාන් ලබන ඔක්තෝබර් මස 10 වැනිදා දක්වා යළි බන්ධනාගාරගත කරන ලෙස ඊයේ එරට විශේෂ අධිකරණයක් නියෝග කර ඇතැයි පාකිස්තානයේ ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. ඔහු සමඟ ටෙහ්කිරී ඉන්සාෆ් පක්ෂයේ උපසභාපති ෂා මහ්මූද් කුරේෂි ද ඔක්තෝබර් 10 දක්වා බන්ධනාගාරගත කිරිමට නියම කර ඇත.
තමා බලයෙන් පහ කිරීමට අමෙරිකාව කුමන්ත්‍රණය කළ බවට සාක්ෂියක් ලෙස එම රාජ්‍යතාන්ත්‍රික ලිපිය ඔහු එවකට දේශපාලන රැස්වීමකදී ප්‍රදර්ශනය කර තිබිණි.
ඉම්රාන්ට එරෙහිව රාජ්‍යතාන්ත්‍රික රහසිගත ලිපිය සම්බන්ධ නඩුව විභාගයට ගෙන ඇත්තේ අගමැතිධුරයේ සිටියදී ඔහු විදෙස් රටවල රාජ්‍ය නායකයන්ගෙන් හා තානාපතිවරුන්ගෙන් ලැබුණු මිල අධික ත්‍යාග භාණ්ඩාගාරයට යැවීම මඟ හරිමින් සිය හිතමිතුරන් අතරේ බෙදා දීමට සහ අලෙවි කිරීමට කටයුතු කිරීමේ නඩු විභාගයේදී වරදකරු වීම හේතුවෙන් වසර තුනක සිර දඬුවම් විඳිමින් සිටින අතරතුරදීමය.