Wednesday, September 18, 2024
Home » හොලිවුඩ් තිරකතා රචකයන්ගේ වර්ජනය අවසන්

හොලිවුඩ් තිරකතා රචකයන්ගේ වර්ජනය අවසන්

by mahesh
September 27, 2023 1:00 am 0 comment

කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් පරිගණකයෙන් මුහුණු සහ හඬ උත්පාදනය කිරීමට එරෙහිව සහ ලාභය සාධාරණ ලෙස බෙදී නොයෑමට එරෙහිව හොලිවුඩ් සිනමාවේ තිරකතා රචකයන් එක්ව ආරම්භ කළ ඓතිහාසික වැඩ වර්ජනය මාස 5කට පසු අවසන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හොලිවුඩ් සිනමාවට අමෙරිකානු ඩොලර් බිලියන 5ක පමණ පාඩුවක් සිදු කර ඇතැයි කියන මේ වර්ජනය නිමාවට පත් වූයේ තිරකතා රචකයන්ගේ සංගමය සහ හොලිවුඩයේ චිත්‍රපට නිෂ්පාදන සහ රූපවාහිනි වෘතාන්ත චිත්‍රපට නිෂ්පාදන සමාගම් අතර ඇතිකරගත් එකඟතාවක් මත බව ද වැඩිදුරටත් වාර්තා වේ. වැඩ වර්ජනය නිමා කිරීමට දෙපාර්ශ්වය අතර තාවකාලික ගිවිසුමක් ද අත්සන් තැබීමට නියමිත බවත්, වසර තුනක ගිවිසුමකට දෙපාර්ශ්වය අතර එකඟතාව පළ වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වර්ජනය හොලිවුඩ් සිනමාවේ දීර්ඝතම වර්ජනය ලෙස සැලකෙන අතර, එය දෙවැනි වන්නේ 1960 වසරේදී හොලිවුඩයේ නළු නිළියන් එක්ව කළ වැඩ වර්ජනයට පමණි. එවර නළුනිලියන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලෙස කටයුතු කර ඇත්තේ පසුකාලීනව එරට ජනාධිපති පදවියට පත් වූ රොනල්ඩ් රේගන් ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x