අසර්බයිජාන් සහ ආර්මේනියාව අතර පිහිටි නගොර්නෝ කරබාක් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.
මේ පිපිරීම සිදු වන විට අසර්බයිජානය සහ ආර්මේනියාව අතර නගොර්නෝ කරබාක් කලාපයේ අයිතිය සඳහා ගැටුම් උද්ගත වී තිබූ බව ද වාර්තා වේ. පිපිරීම සිදු වූයේ එම කලාපයේ සරණාගතයන් 13,350ක් දේශසීමා පසු කරමින් සිය රටට ඇතුළු වූ බව ආර්මේනියානු රජය කළ ප්‍රකාශයෙන් පසුවය.
එක්ලක්ෂ විසිදහසක පමණ ආර්මේනියානු ජනවර්ගයක් පදිංචිව සිටින නගොර්නෝ කරබාක් ප්‍රදේශය අත්පත් කරගැනීමට දෙරට අතර පසුගිය දින කිහිපය පුරා ගැටුම් සිදු වූ බව ද වැඩිදුරටත් වාර්තා වේ. ඉන්ධන පිරවුම්හල පිපිරී ගිනි ගැනීමට හේතුව මෙතෙක් තහවුරු වී නැත. එම පිපිරිම සිදුවන විට ආර්මේනියාවට පලා යෑම සඳහා සිය මෝටර් රථවලට ඉන්ධන ලබා ගැනීමට විශාල පිරිසක් ඉන්ධන පිරවුම්හලේ සිටි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.