Saturday, May 10, 2025
Home » මොරටුවේ නුසුදුසු ලෙස ආහාර ගබඩා කළ අවන්හල් සහ සුපිරි වෙ‍ෙළඳසල් 26කට නඩු

මොරටුවේ නුසුදුසු ලෙස ආහාර ගබඩා කළ අවන්හල් සහ සුපිරි වෙ‍ෙළඳසල් 26කට නඩු

by mahesh
September 27, 2023 1:03 am 0 comment

ශ්‍රී ජයවර්ධනපුර - තරංගා රුවන්පතිරණ දෙහිවල - එච්. එම්. ධර්මපාල

මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයේ පෙරේදා (25) රාත්‍රී සිදු කළ හදිසි ආහාර වැටලීමේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ලෙස ආහාර ගබඩා පවත්වාගෙන ගිය අවන් හල් සහ සුපිරි වෙ‍ෙළඳසැල් හිමියන් විසිහය දෙනෙකුට බැඳුම්කර මඟින් නඩු පැවරූ බව මොරටුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක යසන්ත රුවන්සිරි මහතා පැවසීය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නව දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මොරටුව නගර සභා බල ප්‍රදේශයේ ස්ථාන රැසක යොදමින් මෙම වැටලීම් සිදු කළ බව ඒ මහතා පැවසීය. මෙම වැටලීමේදී හෝටල් 10, වියළි ආහාර සපයන වෙ‍ෙළඳසැල් 6, ග්‍රොසරි 5 සහ සුපිරි වෙ‍ෙළඳ සැල් 5කට එරෙහිව කටයුතු කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශය පැවසීය.

එහිදී පිසූ ආහාර සමඟ මස් මාංශ ගබඩා කොට තැබූ ශීතකරණ දෙකකට මුද්‍රා තැබූ බව සඳහන් කරන රුවන්සිරි මහතා රතු නිවේදන හතරක් ද අදාළ ආයතන වෙත යොමුකළ බව පැවසීය. එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර කිලෝ හැත්තෑවක් පමණ විනාශ කළ බව සඳහන් කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කොත්තුරොටි සඳහා භාවිතා කරන පිටි සහ එළවළු මෙන්ම නුසුදුසු ලෙස ගබඩා කොට තැබූ පිසූ ආහාර ද තිබූ බව පැවසීය.

මොරටු නගර මධ්‍යය සහ එගොඩඋයන, මෝදර, කොරළවැල්ල, සොයිසාපුර වැනි ප්‍රදේශ ආවරණය වන පරිදි සිදු කළ මෙම වැටලීමට මොරටුව පොලිස් පාරිසරික ඒකකය සහය දැක්වූ බව ඒ මහතා පැවසීය.

මෙම වැටලීමට මොරටුව ප්‍රධාන මහජන සෞඛ්‍ය‍ය පරීක්ෂක යසන්ත රුවන්සිරි මහතාගේ අධීක්ෂණයෙන් ඒ.පී. ධර්මසේන, නදීන් ජයතිලක, රුක්මන් ජයසේකර, සුරාජ් තරංග, එච්. එච්. විජේසිරිවර්ධන, ගිහාන් ජයසිංහ, අජිත් පී ප්‍රනාන්දු, එස්. සඳරුවන් එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT