Tuesday, December 5, 2023
Home » අධිකරණ ඇමති රු.මිලියන 500ක වන්දි ඉල්ලයි

අධිකරණ ඇමති රු.මිලියන 500ක වන්දි ඉල්ලයි

by chanaka
September 27, 2023 4:50 pm 0 comment

කීර්ති නාමයට වු හානිය හේතුවෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා අධිකරණ , බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් එන්තර වාසියක් යොමු කර තිබේ.

කීර්ති රත්නායක නැමැත්තෙකු විසින් පවත්වා ගෙන යනු ලබන නැෂනල් ඇලර්ට් (National Alert) සමාජ මාධ්‍ය ජාලය මගින් ද්වේශ සහගත ලෙස පළ කරන ලද ප්‍රවෘත්තියක් හේතුවෙන් සිය කීර්ති නාමයට වූ හානියක් සැලකිල්ලට ගනිමින් ඇමතිවරයා මෙලෙස වන්දි ඉල්ලා ඇත.

ඒ අනුව රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා කීර්ති රත්නායක නැමැත්තාට නීතිඥ අමා සදමිණි එදිනාදුර මගින් එන්තර වාසියක් යොමු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT