කලවාන ප්‍රදේශයේ පාසලක නව වැනි ශ්‍රේණියේ සිසුවකු පාසලට කසිප්පු ගෙනැවිත් සිසුන්ට අලෙවි කරමින් සිටියදී පන්ති භාර ගුරුවරියට හසු වී ඇති අතර, පසුව ඔහු කලවාන පොලිසියට පෙරේදා (25) භාර දීමෙන් පසු තදින් අවවාද කර මුදාහැර ඇත.
සිසුවා වතුර රැගෙන එන බෝතලයේ මෙලෙස කසිප්පු රැගෙන විත් පසුව කෝප්පවලට දමා ඉහළ පන්තිවල සිසුන්ට අලෙවි කර ඇති බව කලවාන පොලිසිය පවසයි. සිසුවාගේ මව විදේශගතව ඇති අතර, පියා ඔවුන් හැරදා ගොස් තිබේ. මේ සිසුවා සිය පුංචි අම්මලාගේ ගෙදර සිට පාසල් එන බවත්, ඒ නිවෙස් තිබූ කසිප්පු මෙලෙස රැගෙන විත් අලෙවි කළ බවත් ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබේ. මේ සිද්ධියෙන් පසු සිසුවාගේ භාරකාරිත්වයේ වගකීම තමාට තවදුරටත් දැරිය නොහැකි බව පවසමින් පුංචි අම්මා පැමිණිල්ලක් දැමූ බවත්, ඒ හේතුවෙන් සිසුවාගේ භාරකාරිත්වය සම්බන්ධයෙන් ඊයේ (26) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, සිසුවා ඔහුගේ වැඩිමහල් සහෝදරයකුට භාර කිරීමට අධිකරණය නියම කළ බවත් කලවාන පොලිසිය පැවසීය.