ගාල්ල, උණවටුන සංචාරක පුරයේ නිල් ධජ සංචාරක සැලසුම ක්‍රියාත්මක කිරීමට තමා විසින් දෙනු ලැබූ රුපියල් කෝටි එකහමාරක මුදලට සිදු වූයේ කුමක්දැයි අරලිය ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා විමසයි.
යද්දෙහිමුල්ල සංචාරක පුරය සඳහා නව සංචාරක සැලසුමක් ඉදරිපත් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ දකුණු පළාත් කාර්යාලය විසින් යද්දෙහිමුල්ල පංසලමි සංවිධානය කරනු ලැබූ මහජන හමුවකට එක් වෙමින් ඒ මහතා මෙසේ ප්‍රශ්න කර සිටියේය.
මෙහිදී මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ මේ ව්‍යාපෘතියේ නිලධාරින් පවසා සිටියේ එම ව්‍යාපාරයට කාර්යාලයක් මෙහි ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි.
මෙහිදී සිරිසේන මහතා මෙසේද පැවසීය.
කාර්යාල නොව මේ මුදල් නිශ්චිතව මේ ව්‍යාපෘතියට යොදවා ගැනීම සඳහා දැනට එය ක්‍රියාත්මක කිරීමට අපහසු නම් මේ සංචාරක පුරයේ ඇති කඩිනමින් ඉටුකළ යුතු යම් යම් කටයුතු තිබේ නම් මේ මුදල් ඒ සඳහා යොදවන ලෙස ඉල්ලා සිටියේය.
මේ නිල් ධජ ව්‍යාපෘතිය ගැන ජනතාව දැනුවත් කිරීමට රුපියල් තිස්දහසක් වැය කර මුද්‍රණය කළ දැන්වීම් කොහේදැයි ද විමසීය.
මේ හමුවට නාගරික සංවර්ධන අධිකාරියේ දකුණු පළාතේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරින් පිරිසක් හා හබරාදුව ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරින් රැසක් එක් වී සිටියහ.
ගාල්ල දිසා සමූහ - නන්දසිරි වැලිගමගේ