Saturday, May 10, 2025
Home » මුදල් හා රන් බඩු සොරකමකට ගැටකපන්නෝ හතරක් දැලේ

මුදල් හා රන් බඩු සොරකමකට ගැටකපන්නෝ හතරක් දැලේ

by mahesh
September 27, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

වවුනියාව මහා රෝහල අසල බස් නැවතුම්පොළේදී මගී බස් රථයක් තුළ රැඳී සිටි කාන්තාවක් සතුව තිබුණු රුපියල් ලක්ෂ 32කට අධික වටිනාකමක් ඇති මුදල් හා රන් භාණ්ඩ සොරාගත් සිවුදෙනෙක් වවුනියාව පොලිසිය පෙරේදා (25) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනකුද සිටින බව පොලිසිය කියයි. එම කාන්තාවන් දෙදෙනා වවුනියාව සහ පුත්තලමේ පදිංචිකරුවන්ය. වවුනියාවේ කාන්තාව 27 හැවිරිදි වියේ පසුවන්නියක් වන අතර, පුත්තලමේ කාන්තාව 40 වියැති තැනැත්තියකි.

සෙසු සැකකරුවන් දෙදෙනා පුත්තලම හා හලාවත පදිංචිකරුවන්ය. මොවුන් සිවුදෙනාම ගැටකපන්නන් බව ද අනාවරණය වී තිබේ.

මේ අය මගී බස් රථවල ගමන් කරමින් හා කෝවිල්වල උත්සවවලට ගොස් ගැටකැපීම්වල නිරතව සිටින බව පොලිසිය කියයි. පෙරේදා මොවුන් සිවුදෙනා වවුනියාවේ බස් රථයකදී වෙලික්කුලමේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලෙහි වූ රුපියල් ලක්ෂ 32ක රන් භාණ්ඩ හා රුපියල් 17,000ක මුදල් සොරාගෙන ඇති බව පොලිසිය කියයි.

එම අවස්ථාවේදීම බස් රථයේ සිටි මගීන් විසින් ඔවුන් සිවු දෙනා අල්ලා පොලිසියට භාර දී තිබේ. එසේ භාර දීමෙන් පසු අත්අඩංගුවට ගත් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් ගැටකපන්නන් බව හෙළි වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT